***මා මළදා***
මං දැන්ම මැරෙන්නද
ඔබට දුක හිතේවි...
දෙනෙත් යුග තෙත්වෙිවි
උණු කදුළු වැටෙිවි...
මගේ නම කිය කියා
ඉකි ගසා හඩාවි...
මගේ දෙන ලගට වී
නොසෙල් වී හිදීවි...
සුදු පැහැති සළු පිලෙන්
ගත වසා ගනීවී...
දින දෙකක් හෝ තුනක්
බත් නොකා ඉදීවී...
හත් දොහේ දානෙදී
කඩිසරව හිදීවි...
මං ආස කල කෑම
හැම එකම තියේවි...
යහළු මිතුරන් සමග
සිනාසී දොඩාවි...
තව කන්න තව කන්න
නෑයින්ට බෙදාවී...
තුන්මාසේ ගත වෙද්දි
මතක නැති කරාවි...
අපරාදෙ මං මැරුණෙ
කියා මට සිතේවි...
Thursday, September 19, 2013
Subscribe to:
Comments
(
Atom
)
3:49 AM
Unknown